Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com
IT යනු Information Technology යන ඉංග්‍රීසි වචනය කෙටිකර දැක්වීමයි. මෙහි සිංහල තේරුම තොරතුරු තාක්ෂනයයි. ශ්‍රී ලංකාව තුල IT ක්ෂේත්‍රය පිලිබදව ඇති දැනුම හා එහි ඇති රැකියා පිලිබද දැනුම ඉතා අඩුය. IT ක්ෂේත්‍ර මට්ටමින් කොටස් 6 කට බෙදේ.
දැන් මේ එක එක පිලිබදව කෙටියෙන් බලමු
Application
මෙහි ඇති රැකියාවන් වන්නේ Data Entry යන රැකියාවයි. මෙහි සාමාන්‍ය මාසික වැටුප රු.5000-15000 අතර වේ. මෙය පහල මට්ටමෙ රැකියා ගනයට අයත් වේ.
Multimedia
මෙහි සමහර පුද්ගලයන් වැඩි වැටුප් ගත්තද මෙය
අයත් වන්නේද පහල මට්ටමේ රැකියා ගනයටයි.මෙහි මාසික වැටුප රු 8000-20000 අතර වේ.
Hardware & Networking
මෙහි Hardware කොටස පහල මට්ටමේ වුවත් Networking පැත්ත මධ්‍යම ගනයට අය්ත් වේ. මෙහි Hardware කරන කෙනෙකුගේ මාසික පඩිය රු 8000-15000 වන අතර කරන කෙනෙකුගේ වැටුප රු 15000-45000 අතර වේ
Operating System
මෙහි රැකියා ගත් කල ලබා ගත හැකි ඉහලම රැකියාව System Addmin යන තනතුරයි.මෙහි සාමාන්‍ය වැටුප රු 15000-45000 අතර වේ. මෙය මධ්‍යම ගනයට අයත් වේ.
Data Base
මෙහිද ඉහලම තනතුර Data Base Addmin යන තනතුරයි. මෙයද මධ්‍යම ගනයට අයත් වේ.මෙහි සාමාන්‍ය පඩිය රු 15000-60000 අතර වේ.
Programming
ඔබ නොදන්නවා නොවෙයි. Programming නොමැති නම් ඉහත සදහන් කිසිදු රැකියවක් සිදුකල නොහැක. එමනිසා මෙය ඉහල මට්ටමේ රැකියා ගනයට අයත් වේ. මෙහි මාසික පඩිය රු 45000 සිට ඉහලට වේ.
ඔබට අවශ්‍ය නම් http://www1.salary.com/Programmer-I-salary.html අඩවියෙන් Programming පිලිබද විස්තර බලාගත හැක.